මො/දඹගල්ල පියරතන මහ විදුහල

පාසලේ ඉතිහාසය

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1922 දී දඹගල්ල බිංගොඩ විහාරස්ථානයේ වැඩ විසූ වෙල්ලස්සේ උප ප්‍රධාන සංඝනායක ගෝනතලාවේ බී. ශ්‍රී පියරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයේ බණ මඩුවේ ඇරඹි මෙම පාසැල ප්‍රදේශයේ ඉපැරණිම බෞද්ධ පාසැල ලෙස හැඳින්වීම නිවැරැදිය. ඉන්පසු ශ්‍රී පියරතන නාහිමිපාණන් වහන්සේ, විදෙන්ධය පරිවෙණාධිපතීන් වහන්සේ ඇතුළු අනගාරික ධර්මපාල තුමා සර්, ඩී. බී. ජයතිලක ආදී ප්‍රභූන්ගෙන් සහයෝගය ලබා ගෙන 1926 දී මාරි අරාවේ සුමණජෝති හිමිපානන්ගේ සහයෝගය ද ඇතිව මෙම පාසැල කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමකට පැවරීමට කටයුතු කලහ.

1933 මැයි 03 වන දින දඹගල්ල බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් සිසුන් විසිඑක් දෙනෙකුගෙන් යුතුව දැනට මෙම පාසැල පිහිටි ස්ථානයේම මෙම නව පාසැල ඇරඹිණි. ප්‍රථම මුල් ගුරුවරයා ලෙස කටයුතු කළේ පී.ඩී. ජිනදාස මහතාය. මෙය මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථම බෞද්ධ පාසලයි.
1934 වන විට මෙහි සිසුන් සිය ගණනක් ඉගෙනුම ලැබූ අතර තල් අතු සෙවිලි කළ කුඩා ශාලාව වෙනුවට සිංහල උළු සෙවිලි කළ 100×20 පාසැල් ගොඩනැගිල්ලක්ද ඉදි විය.

1939 මැයි 06 වන දින ඩී. සිරිමාන්න මහතා මුල් ගුරුවරයෙකු ලෙස පත් වූ අතර ඩී.ජී. පේන්නෝනා මහත්මිය ප්‍රථම පාසැල් ගුරුවරිය ලෙස මෙම පාසැලට පත්වී ආයේද මේ අවධියේය.
ඉන්පසු 1944 දී ඒ .ඒ. කරුණාසිංහ මහතා 1952 දී විලියම් ගලගෙදර මහතාද පාසලේ මුල් ගුරු මහතුන් ලෙස මහත් සේවයක් කළහ. මෙතෙක් කළක් කනිෂ්ඨ පාසලක්ව පැවති පාසැල ජේෂ්ඨ පාසලක් උසස් කරවා ගැනීමට විලියම් ගලගෙදර මහතා සමත් විය.


1954 ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට සිසුන් ඉදිරිපත් කළ අතර 1955 දී ප්‍රථම ශිෂ්‍යයෙකු ඉන් ඉහළ මට්ටමින් සමත් විය. අද ඔහු විශ්‍රාමික විදුහල්පති වරයෙකි.1960 එම්.සී. පෙරේරා මහතා මුල් ගුරුවරයා ලෙස සේවය කළ අතර අද දක්වා ශූරත්වය දිනා ගන්නා අත්පන්දු ක්‍රීඩාව ඇරඹුනේද මේ වර්ෂයේය. 1960 මොනරාගල දිස්ත්‍රික්කයේ ශූරතාවය ප්‍රථම වරට මෙම පාසලට හිමි විය.
1961 දී ජනවාරි 13 වැනි දින පාර්ලිමේන්තුව අනුමත කළ පාසැල් රජයට පවරා ගැනීමේ පනත යටතේ දඹගල්ල විදුහල නමින් හැදින්විණි.

1962 දී විදුහල්පති එන්. සමරවීර මහතා වෙහෙස මහන්සියක් ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්. ගුණසේකර මහතාගේ නිර්දේශයද ලබා ගෙන මෙම පාසැල මහා විහලයක් බවට පත් කරවා ගත් අතර, එය මො/දඹගල්ල පියරතන මහා විද්‍යාලය නම් විය.

ආරම්භ කළ වර්ෂය

1922 අප්‍රේල් 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

21

මුල් ගුරුතුමාගේ නම

ගෝනතලාවේ බී.ශ්‍රී පියරතන හි​මි

පාසලේ ආදි කතෘගේ නම

ගෝනතලාවේ බී.ශ්‍රී පියරතන හි​මි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/දඹගල්ල පියරතන මහා විද්‍යාල​ය

පාසල භාරව කටයුතු කිරීම

පී චන්දිම හි​මි

පාසල රජයට පවරාගත් දිනය

1961 ජනවාරි  18

පාසල පැවැත්වූ ස්ථානය

බිංගොඩ විහාරස්ථානයේ බණ මඩුව

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1922 අප්‍රේල්