මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

පී.චන්දිම හිමි.

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති අප විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා පියනගන  දීප්තිමත් පාසලකි. අප විද්‍යාලයේ සිසුන් මෑත කාලයේ කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබාගත් අතර 2024 වර්ෂයේ අ.පො.සා.පෙළ ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව 97% ලබා ගනිමින් මඩුල්ල කොට්ඨාශයේ 2 වන ස්ථානයට පත් විය. තවද අප විද්‍යාලයෙන් කීරතිමත් ආදී සිසුන් බොහොමයක් සිටින අතර ඔවුන් අද  රටේ විවිධ උසස් ක්ෂේත්‍රයන්හි සිටිමින් ආදි සිසුන් ලෙස පාසලට විවිධ අයුරුන් උදව් උපකාර කරති. පසුගිය වසර කීහිපය තුළ තාක්ෂණ දියුණුවත් සමඟ අප විද්‍යාලයට ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය වෙත පරිගණක පහසුකම් හා සූහුරු පන්තිකාමර උපකරණ කට්ටලයක් ද ලැබුන අතර ඒවා පාසලේ අධ්‍යාපන කටයුතුවලට ඵලදායිව යොදාගනූ ලබයි. අප මේ සකස් කළ පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට අවශ්‍ය අතහිත ලබාදෙන මෙන් සියලු දෙනාට ම ආරාධනා කර සිටින අතර මෙම කාරයය සාරථක කර ගැනීමට සහාය දැක්වූ සැමට මාගේ හද පිරි ස්තුතිය පිරිනමන අතර පාසලේ දුවා දරුවන් සියලු දෙනාට අනාගත තාක්ෂණය ලෝකය ජයගනිමින් රටේ යහපත් පුරාවැසියන් වීමට අවශ්‍ය ශක්තිය ධෛරය ප්‍රාර්ථනා කරන අතර  සියලු දෙනාට තෙරුවන් සරණයි!

 

පී.චන්දිම හිමි.
විදුහල්පති
මො/දඹගල්ල පියරතන මහ විදුහල.